“දෙවියනේ තාත්ත මොකද මෙතන කරන්නේ, මම අහන්නෙ දුව මොකද මෙහේ ? ” තාත්තාටත් දුවටත් දෙලොව රත්වුණු ‘ෆේස්බුක් ආදරය’...
Wednesday, 03 July 2024 - 10:01 | Views - 524
දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

මේ අයුරින් හඳුනාගත් ඔවුන්ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. අපි ඔවුන් නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. තවමත් පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණකයක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය.

යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකිවූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත් ඔවුනොවුන් හමුවීමේ ආශාව ඉතාමත් දැඩි විය.

කිසිදිනක නොදුටු දෙදෙනාගේ දසුන දැක ගැනීමට සතියේ දිනක උදේ කාලය යොදා ගත්තේ පාසල් යන මුවාවෙන් ඇයට පැමිණිය හැකි බැවිනි. ඒ සතියේම සිකුරාදා ගාල්ල ප්‍රදේශයේ දී හමුවීමට ඔවුහු කතිකා කර ගත්තේ ගාල්ල බස් නැවතුම්පොළේදී හමුවී සුදුසු ස්ථානයකට යාමේ අභිලාෂයත් සමඟිනි.

උදෑසන තම බිරිය විසින් සකසා දුන් බත් පාර්සලය ද රැගෙන කාර්යාලයට යන බව පවසා ජැන්ඩියට ඇඳ පැළඳ ගත් නුවන් වෙලාවටත් පෙර නියමිත ස්ථානයට ගියේ මහත් ප්‍රබෝධයකිනි.

පාසල් ඇඳුමෙන් සැරසුණු සෙව්වන්දි හොර රහසේ පොත් බෑගය තුළට පාට ඇඳුමක් දමා ගත්තේ පාසල් නොගොස් යෙහෙළියකගේ නිවසට ගොස් ඇඳුම් මාරු කරගෙන අදාල ස්ථානයට ගොස් පෙම්වතා හඳුනා ගැනීමේ දැඩි ආශාවෙනි.

සවස පෞද්ගලික පන්ති ඇති හෙයින් ඊට ගාස්තු ගෙවිය යුතු බව පවසා මවගෙන් වැඩිපුර මුදලක් ද ලබාගත් ඇය සමනලියකසේ සතුටින් ඉගිල ගියේ තම ප්‍රථම ප්‍රේමය අත්විඳීමේ අපේක්ෂාවෙනි. එදිනට අඳින ඇඳුම පිළිබඳව දෙදෙනා කතිකා කර ගත්තේ ඔවුනොවුන් හඳුනාගත හැකි නොවරදින සංකේතය එය බැවිනි.

ගාල්ල බස් නැවතුම් පොළේ මාතර බස් නැවතුම අසල සිටි නුවන් අවට සිසාරා තම දෑස් යොමු කළේ කොයි මොහොතේ තම පෙම්වතිය දැක ගැනීමට ලැබේදැයි යන කුතුහලයෙනි. ගෙවී ගියේ සුළු මොහොතකි.

රෝසපාට ඇඳුමකින් සැරසී රතුපාට බෑගයක් අතෙහි දරා තමා ඉදිරියට එන යුවතිය පිළිබඳ ඔහු විමසිලිමත් විය. සෙව්වන්දිගේ හිතේද මැවී තිබුණේ නවීන පන්නයට සැරසුණු දඟකාර හැඩකාර තරුණයෙකුගේ රූපයකි.

එහෙත් අත්දිග රෝසපාට කමිසයකින් සැරසී එතැන සිටියේ වයස අවුරුදු පනහක පමණ මැදිවියේ පුද්ගලයෙකි. ඇයට දෙවියන් සිහිවිය. නිවසට හොරෙන් පැමිණි ගමන පියාගේ අතටම හසුවූවායැයි ඇය තැති ගත්තාය.

“දෙවියනේ තාත්ත මොකද මෙතන කරන්නේ අද කන්තෝරුවට ගියේ නැද්ද?”
“මම අහන්නෙ දුව මොකද මෙහේ?”

දෙදෙනාටම සත්‍ය වැටහුණේය. ඔවුන් දෙදෙනාම කර ඇත්තේ සුළුපටු වරදක් නොවේ. මෙපමණ කාලයක් ෆේස් බුක් හරහා පෙම්වතුන් ලෙස චැට්කර ඇත්තේ පියා සහ දියණියයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top