මහනුවරම කැළඹු බෝම්බ සිද්ධියේ , සුළමුල හෙළිවෙයි..?
Tuesday, 02 July 2024 - 14:57 | Views - 601
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
බෝම්බ බිය හේතුවෙන්, අද(02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල් තැබුණා.
කෙසේ වෙතත්, මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර, ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළ ද බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව තුබුණේ නැහැ.
Share This Article