මෙන්න හැමෝටම සතුටු හිතෙන ආරංචියක් , 16 සිට බිල අඩුවෙන්නේ මෙහෙමලු..
Tuesday, 02 July 2024 - 14:18 | Views - 529
විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසනවා.
විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කරනු ඇති අතර, පසුදින වාචික අදහස් විමසීම සිදු කිරීමට නියමිත බව සදහන්.
එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කරනු ලබයි.
විදුලි බිල අඩු කිරීම පිළිබඳව, විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබෙනවා.
ඒ , 0-30 අතර ඒකකයක් රුපියල් 2කින්,
30-60අතර ඒකකයක් රුපියල් 11කින්,
60-90 අතර ඒකකයක් රුපියල් 12කින්,
90-120 අතර ඒකකයක් රුපියල් 20කින් අඩු කිරීමටයි.
Share This Article