විවාහ වෙන්න බෑ කී වැයි, දොස්තර නෝනා අමුතුම දඬුවමක් දීලා..
Tuesday, 02 July 2024 - 13:05 | Views - 456

විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අපරාධය ඊයේ (01) උදෑසන 10 ට පමණ සරාන් දිස්ත්‍රික්කයේ පුද්ගලික වෛද්‍ය මධස්ථානයක් තුළදී සිදුව ඇති බවටයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වෛද්‍යවරිය බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිණියක් බවත් ඇය සමඟ අපරාධය සඳහා භාවිත කර ලේ තැවුරුණු පිහියද පොලිස් බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත්, ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා. එසේම සැකකාරිය රඳවා ගනිමින් පොලිසිය ප්‍රශ්න කරන බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.
වෛද්‍යවරියක් බව පවසන මෙම 26 හැවිරිදි කාන්තාව සහ පහරකෑමට ලක්වූ 30 හැවිරිදි පිරිමි පුද්ගලයා වසර දෙකක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහ වීමට කැමැත්ත විමසු අවස්ථාවේ පිරිමි පුද්ගලයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත්, ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය ප්‍රකාශ කළ බවයි බිහාර් පොලිසිය සඳහන් කර තිබුණේ.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකළ බව යි සැකකාරිය ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබුණේ.
Share This Article