බලාගෙන හිටිය මාසික දීමනාව , ඉහළට ගිහිල්ලා ඔන්න..
Tuesday, 02 July 2024 - 9:41 | Views - 743

රාජ්‍ය සේවයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් අද දින සිට ක්‍රියා­ත්මක වන පරිදි ගෙවී­මට රජය තීර­ණය කර තිබෙනවා.

මෙතෙක් සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවති ඇමති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කර ඇත.

ඒ අනුව, මෙම දීම­නාව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට ද හිමිවේ.

ඊට අදාළ චක්‍ර­ලේ­ඛය රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රදීප් යස­රත්න මහ­තාගේ අත්ස­නින් යුතුව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්, පළාත් ප්‍රධාන ලේක­ම්ව­රුන්ට හා දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් වෙත යොමු කර තිබේ.

2025 .06. 26 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේඛ 18/2015 නිකුත් කිරී­මෙන් පසු එම චක්‍ර­ලේ­ඛය සහ එයට අනු­ශාං­ගි­කව නිකුත් කළ චක්‍ර­ලේ­ඛ­වල හිමි­කම සමඟ එයට අති­රේ­කව සේවා­වෙහි/ තන­තු­රෙහි සුවි­ශේ­ෂිතා සැල­කි­ල්ලට ගෙන විශේෂ දීමනා අනු­මත කළ සේවා­ව­ව­ලට/ තන­තු­රු­ව­ලට අයත් නිල­ධා­රීන්ට මෙම චක්‍ර­ලේ­ඛය ක්‍රියා­ත්මක වන දිනට අදාළ විධි­වි­ධාන අනුව හිමි වන දීම­නාව/ දීමනා 25,000ට වඩා අඩු­නම්, ඔවුන්ට එම දීම­නාව/ දීමනා සහ මෙම චක්‍ර­ලේ­ඛය මඟින් හිමි­වන රුපි­යල් 25,000 අතර වෙනස පම­ණක් ගෙවිය යුතු වන අතර, එම දීම­නාව/ දීමනා රුපි­යල් 25,000ට සමාන හෝ ඊට වඩා වැඩි වන්නේ නම්, එම දීම­නාව/ දීමනා මෙම චක්‍ර­ලේ­ඛ­යට අනුව සංශෝ­ධ­නය නොකළ යුතු බව එහි සඳ­හන් වේ.

ඒ අනුව 2020.01.07 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේඛ 18/2015 (IV) මඟින් තාව­කා­ලි­කව අත්හි­ටු­වන ලද අංක 18/2015 (III) දරන 2019.12.07 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය 2024.06.30 දින සිට අව­ලංගු කෙරෙන අතර 2011.12.12 දිනැති අංක 28/2011 දරන රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය අනුව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ නිල­ධා­රීන්ට 2023.11.12 දිනැති අංක 23/2013 දරන රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිල­ධා­රීන්ට මෙන්ම අමප/13/1466/533/016 හා 2013.10.31 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී එළැඹි අංක 41.07 තීර­ණය අනුව ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට එකී විධි­වි­ධාන අනුව ගෙවනු ලබන දීමනා 2024.07.01 දින සිට ගෙවනු ලැබේ.

මෙම චක්‍ර­ලේ­ඛය මහා භාණ්ඩා­ගා­රයේ එක­ඟ­තාව ඇතිව නිකුත් කර ඇති අතර මෙම චක්‍ර­ලේඛ විධි­වි­ධාන 2024.07.01 දින සිට ක්‍රියා­ත්මක වේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top