සිකුරාදා තීරණාත්මකයි ? දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..
Tuesday, 02 July 2024 - 7:51 | Views - 972
විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ඊයේ (01) විරෝධතාවක නිරත වුණා..
ඒ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින්.. මේ අතර, ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි..
එසේම එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා..
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, තවදුරටත් ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නිරතවන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ය.
Share This Article