උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවේ යන්නද ඉන්නේ... එහෙනම් ඔයාටයි මේ ආරංචිය...
Monday, 01 July 2024 - 16:07 | Views - 454
ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කළ බව ඕස්ට්‍රේලියානු රජය සඳුදා නිවේදනය කළා.
ඒ අනුව, ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාර්තු මාසයේ දී නිකුත් කරන ලද නිල දත්ත පෙන්නුම් කළේ, 2023 සැප්තැම්බර් 30 දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ 60% කින් එනම් වාර්තාගත ලෙස පුද්ගලයින් 548,800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ගාස්තු වැඩිවීම ඕස්ට්‍රේලියාව සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම එක්සත් ජනපදය සහ කැනඩාව වැනි තරඟකාරී රටවලට වඩා මිල අධික වන අතර, එහි මිල පිළිවෙලින් ඩොලර් 185 සහ ඩොලර් 110ක් පමණ වනවා.
ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ අග සිට ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරමින් සිටිනවා.
Share This Article