දක්ෂිණ අධිවේගයේ අතුරුගිරියෙන් අද ටිකට් නෑ... ?
Wednesday, 26 June 2024 - 14:59 | Views - 426
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොවන බවට වාර්තා වෙනවා.

ඒ, මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22 කගේ වැඩ තහනමට ලක් වීම නිසාවෙන්, පවතින සේවක හිඟය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදු වූ බව සඳහන්.

කෙසේ වෙතත්, අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන මඟින් මුදල් අය කිරීම සඳහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව සේවය සඳහා යොදවා තිබුණු අතර, අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහන වලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදුවෙන බවත් සඳහන්.


තවද , ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර, එම මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top