කාර්යාලයේදී ලිපිකාරිණියක් සිපගත්, 59 හැවිරිදි පුද්ගලයාට නියම දඬුවමක්..
Wednesday, 26 June 2024 - 10:49 | Views - 339

ඔහු වයස අවුරුදු 59ක් වන විවාහකයක අයෙක්..
උසස් නිලධාරියෙක් වුණ මේ තැනැත්තා ඇත්තම මේ කළේ ඔහුගේ රැකියාවට ගැලපෙන්නේ නැති දෙයක්.. තමන් යටතේ සේවය කළ තරුණ ලිපිකාරිනියගේ අකැමැත්ත නොතකා අවස්ථා තුනකදී ඇයව අයුතු ලෙස ස්පර්ශ කිරීම, ඇයගේ දෙතොල් හා මුහුණ සිප ගැනීම හා ඇයව වැලඳ ගැනීම නිසා ඔහු කෙරෙහි මේ නිලධාරිනියට ඇතිවුණේ අප්‍රසන්න හැඟීමක්..
කොහොම වුණත් , මේ කාරණය මත පදනම් වෙමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.. ඉන් වරදකරුවූ මේ ප්‍රධාන පෙළේ නිලධාරියාට අභියාචනාධිකරණය පෙරේදා බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවම් නියම කළා..
එයට අමතරව වින්දිත තරුණියට රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ, සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල විත්තිකරුට රුපියල් 75,000ක දඩයක් ද නියම කර තිබුණා..
එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකහමාරක සිරදඬුවම් විත්තිකරුට ලබාදීමට විනිසුරු මඬුල්ල නියම කළා.. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන පුද්ගලයකුට අභියාචනාධිකරණය එම දඬුවම් නියම කළා..
එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙයට වසර 14කට පමණ පෙර ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ පවරා තිබූ අතර එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබුණා..
2015.9.16 වැනිදා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ලබාදී තිබූ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය මහාධිකරණය විසින් නිකුත් කර තිබූ තීන්දුව බලරහිත කරමින් විත්තිකරුට එම දඬුවම් නියම කළා..
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා..
Share This Article