ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය දීර්ඝ කෙරෙයි..
Wednesday, 26 June 2024 - 10:29 | Views - 279
ඔබේ විදෙස් ගමන් බලපත්‍රයත් කල් ඉකුත් වෙලාද..? එහෙම නම්, මේ පණිවිඩය ඔබට වැදගත් වේවි..
ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වෙන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා..
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි..
කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව, ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරනවා...
නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් , කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගැනීමට යොමුවෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා..
Share This Article