"ඇදලා අරගෙන ගහලා උත්සලා බිමට දැම්මා..." යකාට රෝහල්ගත වෙන්නම පහරදීලා... පොසොන් අමතක කරපු අමුතු මිනිස්සුන්ගේ විකට ජවනිකා.. (Video)
Wednesday, 26 June 2024 - 9:50 | Views - 483
පොසොන් උත්සවය වෙනුවෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුලු වූ පුද්ගලයන් තිදෙනෙක් එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේ සිදුවීමක් කළුතර පැල්පොල ප්රදේශයෙන් වාර්තා වෙනවා.
කළුතර උතුර පැල්පොල තොටුපළ පාරේ පදිංචි සිසුවෙකු මෙලෙස පහර කා රෝහල් ගත කර ඇති බවයි කළුතර ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
ප්රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව කාලයක පටන් වෙහෙස මහන්සි වී හොල්මන් මන්දිරය සකස් කර පොසොන් දින කිහිපය තුලදී පවත්වා ඇති අතර, එහි තුන්වන දින රාත්රි ප්රදර්ශනය කරන අවස්ථාවේදී බීමතින් පැමිණි තිදෙනෙකු භූත ගුහාවට ඇතුලු වී ඇති බවත් සඳහන්.
පහර කා රෝහල් ගත කර සිටින ළමයා යක්ෂයෙකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩා පැන ඇති අතර, එහිදි උරණ වූ තිදෙනා අදාල සිසුවාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බවයි පැවසෙන්නේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් කලුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article