ජනපති අද ජාතිය අමතයි !
Wednesday, 26 June 2024 - 6:51 | Views - 281

ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

එහි සජීවී විකාශය හිරු ටීවී තුළින් රාත්‍රී 08.00 ට බලාපොරොත්තු වන්න.. 

එසේම, ද්විපාර්ශවික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, අද (26) පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම් හමු වී අදාල ගිවිසුම්වල අත්සන් තැබීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන්, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනෙන් නික්ම ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත්, ද්විපාර්ශවික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම සම්බන්ධයෙනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතව තිබෙන්නේ.. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top