කොළඹ මහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු..
Monday, 24 June 2024 - 15:01 | Views - 252
ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති කොළඹ මහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.
මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1,070ක් ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.
නාගරික සංවර්ධන අධිකාරිය විසින්, සින්නක්කර පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක නිවාස 14,559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
Share This Article