පාසල් ප්‍රේමයට නොසිතූ දඬුවමක් , ශරීරයේ අංගයකින් වන්දි ගෙවන්නත් වෙලා..
Monday, 24 June 2024 - 11:32 | Views - 196

සමහර ආදර කතා විවාහයකින්ම කෙළවර නොවෙන අවස්ථා ඕනෑ තරම් තියනවා.. ඒත් ඒ වගේ අවස්ථාවලදී ඒ දේවල් දරාගන්න තරම් හිත් ශක්තිමත් කරගන්නම වෙනවා..

ඒත් මේ කියන්න යන ආදර කතාවට අවසානයක් එක්වෙලා තියෙන්නේ කාටවත් හිතන්න බැ‍රි විදිහට..

ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් වූ පෙම්වතියගේ ඥාතීන් විසින් ඊයේ(23) දින කිළිනොච්චිය, විනයාගපුරම් ප්‍ර්දේශයේ තරුණයෙකුගේ අතක් කපා දමා තිබෙනවා..

වයස අවුරුදු 18ක් වන සෙන්තිල් කුමාර් තනුජන් නැමැති මෙම තරුණයා සිදුවූ බරපතල තුවාල හේතුවෙන්, කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා..

කෙසේ වෙතත්, මෙම තරුණයා එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, දෙදෙනාම පාසල් සිසුන් නිසා එම සම්බන්ධයට පෙම්වතියගේ පාර්ශ්වයේ ඥාතීන් විරුද්ධ වී තිබෙනවා..

ඒ හේතුවෙන්, වහාම එම සම්බන්ධය නතර කරන ලෙසට අවස්ථා කීපයකදීම අදාල තරුණයාට දැනුම් දී ඇතත්, ඔහු එය නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් පිරිසක් තරුණයාට පහර දී පසුව තියුණු ආයුධයකින් ඔහුගේ අත කපා දමා තිබෙනවා..

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, කිළිනොච්චිය පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top