අනියත බියක් අවශ්‍ය ද? කුරුළු උණ රෝගය ගැන අමුතුම හෙළිදරව්වක්..
Monday, 24 June 2024 - 7:13 | Views - 324
කුරුළු උණ සම්බන්ධව විශාල කතා බහක් මේ වනවිට ඇති වී තිබෙනවා.
එම තත්ත්වය නිසාම ලංකාව තුලද විවිධාකාර තීරණ ගැනීමටද සිදුව තිබෙනවා.
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එබැවින් ඒ පිළිබදව අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසයි වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article