අනියම් පෙම නිසා ඔහුගේ ඉරණම මේ තරමට වෙනස් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති...
බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා.
ඊයේ(22) අලුයම් කටුවන පොලිස් වසමේ අමුදමන ප්රදේශයේදී එම ඝාතනය සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ, අමුදමන, කටුවන ප්රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු හා ඔහුගේ මස්සිනා අත,ර ඇතිවූ අමනාපයක් මත බහින් බස්වීමක් දුරදිග යාමෙන් මස්සිනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෙම සිද්ධියට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලිසිය සඳහන් කරනවා.