බලාගෙන හිටිය, මාසික දීමනාව 100%කින් ඉහළට..
කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කර තිබෙනවා.
ඒ අනුව එම ගුරුවර ගුරුවරියන් වෙත මෙම ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5000 ක් බැගින් එම දීමනාව ලබාදෙන ලෙස කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා විසින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත 2024.06.19 දිනැති චක්‍ර ලේඛයක් මගින් දන්වා ඇත.