සිය දරුවන් පළමු වසරට ඇතුළත් කරන්න සූදානමින් සිටින දෙමාපියන්ට දැනුම්දීමක්... අලුත්ම චක්‍රලේඛය අනුව සිදුවෙන්නේ මෙහෙමයි...
Sunday, 23 June 2024 - 9:58 | Views - 452
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ අඩුපාඩු ඉවත් කර අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කරමින් විනිවිද බවින් යුතු නව චක්‍රලේඛයක් හෙට දිනයේ  නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කළ එම චක්‍රලේඛයට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.

එහිදි උප්පැන්න සහතිකයක් නොමැති දරුවකුගේ වුවත්, පිළිගත හැකි වයස තහවුරු කරන ලද ලේඛන ඇත්නම් එම දරුවන්ට කිසිදු අසාධාරණයකට ලක් නොවන සේ ඇතුළත් කළ යුතු බවද නව චක්‍රලේඛයේ දැක්වේ.

එහි වගන්ති 2.1 හි දක්වා ඇත්තේ යම් පිළිගත හැකි සාක්ෂි මඟින් උප්පැන්න සහතිකයක් නොමැති බවට හා වයස අවුරුදු 5 ට නොඅඩු බවට තහවුරු කරන හා පිළිගත හැකි අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන දරුවන්ට අසාධාරණයට හෝ අගතියකට ලක් නොවිය යුතු බවයි.

එසේම 6.2.5 වගන්තියට අනුව සිදු කරන ලද සංශෝධනයේ දක්වා ඇත්තේ “ තමන්ගේ දරුවෙකු හෝ මුණුබුරකු / මිනිබිරියක හෝ තමාගේ / බිරියගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් “යන්න ‘‘තමාගේ / කලත්‍රයාගේ සහෝදර සහෝරියන්ගේ දරුවන්“ ලෙස සංශෝධනය වන බවයි.

පසුගිය කාලවල පැවති චක්‍රලේඛයන්හි අඩුපාඩු නිරාකරණය කරමින් හා එහිදි ලැබූ අත්දැකීම් පදනම් කරමින් තවත් සංශෝධන කිහිපයක්ද මේ හරහා ඉදිරිපත් වන බවත්, විවිධ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය 24 දිනම නිකුත් කරනු ලබන බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

නව චක්‍රලේඛය අයැදුම්කරුවන්ට අක්‍රමිකතා සිදු කළ නොහැකි වන පරිදි සකස් කර තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top