සිය දරුවන් පළමු වසරට ඇතුළත් කරන්න සූදානමින් සිටින දෙමාපියන්ට දැනුම්දීමක්... අලුත්ම චක්‍රලේඛය අනුව සිදුවෙන්නේ මෙහෙමයි...
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ අඩුපාඩු ඉවත් කර අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කරමින් විනිවිද බවින් යුතු නව චක්‍රලේඛයක් හෙට දිනයේ නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කළ එම චක්‍රලේඛයට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.
එහිදි උප්පැන්න සහතිකයක් නොමැති දරුවකුගේ වුවත්, පිළිගත හැකි වයස තහවුරු කරන ලද ලේඛන ඇත්නම් එම දරුවන්ට කිසිදු අසාධාරණයකට ලක් නොවන සේ ඇතුළත් කළ යුතු බවද නව චක්‍රලේඛයේ දැක්වේ.
එහි වගන්ති 2.1 හි දක්වා ඇත්තේ යම් පිළිගත හැකි සාක්ෂි මඟින් උප්පැන්න සහතිකයක් නොමැති බවට හා වයස අවුරුදු 5 ට නොඅඩු බවට තහවුරු කරන හා පිළිගත හැකි අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන දරුවන්ට අසාධාරණයට හෝ අගතියකට ලක් නොවිය යුතු බවයි.
එසේම 6.2.5 වගන්තියට අනුව සිදු කරන ලද සංශෝධනයේ දක්වා ඇත්තේ “ තමන්ගේ දරුවෙකු හෝ මුණුබුරකු / මිනිබිරියක හෝ තමාගේ / බිරියගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් “යන්න ‘‘තමාගේ / කලත්‍රයාගේ සහෝදර සහෝරියන්ගේ දරුවන්“ ලෙස සංශෝධනය වන බවයි.
පසුගිය කාලවල පැවති චක්රලේඛයන්හි අඩුපාඩු නිරාකරණය කරමින් හා එහිදි ලැබූ අත්දැකීම් පදනම් කරමින් තවත් සංශෝධන කිහිපයක්ද මේ හරහා ඉදිරිපත් වන බවත්, විවිධ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය 24 දිනම නිකුත් කරනු ලබන බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
නව චක්‍රලේඛය අයැදුම්කරුවන්ට අක්‍රමිකතා සිදු කළ නොහැකි වන පරිදි සකස් කර තිබෙනවා.