ඉදිරි දින කිහිපයේ අමුතු විපර්යාසයක්..
Saturday, 22 June 2024 - 16:26 | Views - 641
ශනි ග්‍රහයා මෙම 2024 ජුනි 29 වැනිදා රාත්‍රි 12.38ට කුම්භ රාශිය තුළ වක්‍ර චලිතයක් ආරම්භ කරයි.

මෙම ග්‍රහ චලිතයට අනුව ජුනි 29ට පෙර සහ ජුනි 29 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ රටෙහි දේශපාලන ක්‍ෂේත්‍රය බෙහෙවින් උණුසුම් වන ආකාරයේ සිදුවීම් පෙන්නුම් කරනු ඇත. දේශපාලන පිල් මාරු වීම් ආදියට සහ අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදියටද ඉඩකඩ ඇත. එමෙන්ම මෙම ග්‍රහ සංසිද්ධියට අනුව, මීට කලින් ලිපියකින් සඳහන් කළ පරිදිම ජුනි 29 වැනිදා ආශි්‍රත දිනවලදී කම්කරු උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදිය නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ පවතී. මීට අමතරව එකී කාලය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ අසුබ සහ ආන්දෝලනාත්මක ආරංචිවලට ඉඩකඩ පවතින බව පෙනේ.

ජුනි 29 වැනිදා රාත්‍රියෙහි සිදු වන ශනි මාරුව කාලගුණික විපර්යාස කෙරෙහිද සෘජුවම බලපෑ හැකි බව පෙනේ. ජුනි 29ට පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළ මුහුද රළු වීමට, මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට ඉඩකඩ පවතින බව මෙම ග්‍රහ සංසිද්ධිය අනුව පෙන්නුම් කෙරේ. සාමාන්‍යයෙන් මුහුදෙහි කාලගුණය ගොඩබිමට බලපෑ හැකි බැවින් එකී කාලවකවානු තුළ ගොඩබිමෙහි කාලගුණයද බලාපොරොත්තු රහිත ලෙස වෙනස් වීමට ඉඩකඩ පවතින බව පෙනේ.

මෙම ජුනි 29දා රාත්‍රියෙහි සිදු වන ශනි ග්‍රහයා වක්‍ර චලිතයක් කරා පිවිසීමට කටක සහ කුම්භ යන ලග්න හිමියන්ට බෙහෙවින් තීරණාත්මක ලෙස බලපෑ හැකි බව පෙනේ. ඒ අනුව මෙම ජුනි 29 ආශි්‍රත දිනවලදී කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් අනතුරු, අසනීප, රැවටිලිවලට හසු වීම සහ සොරසතුරු උපද්‍රව පිළිබඳව වෙනදාට වඩා අවධානය යොමු කිරීම සුදුසුයි. කෙසේ වෙතත්, කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් ග්‍රහ පසුබිම තුළ මෙසේ ප්‍රවේශම් විය යුතු වුවද, ඔවුන්ට මෙම ජුනි 29 වැනිදා ආශි්‍රතව දින කිහිපය තුළ බලාපොරොත්තු රහිත වෙනසක් සිදුවිය හැකිය. එමෙන්ම සුබ පලවලටද ඉඩකඩ පවතින බව පෙනේ.

මීට අමතර ලෙස මෙසේ ශනි ග්‍රහයා වක්‍ර වීමට අනුව, ජුනි 22 වැනි දා ආශි්‍රත දිනවලදී මකර ලග්න හිමියන් සහ මීන ලග්න හිමියන්ද අනතුරු අසනීප, රැවටිලිවලට හසු වීම ආදිය පිළිබඳ යම්තාක් දුරකට හෝ සැලකිලිමත් විය යුතු වුවද එම දින ආශි්‍රතව ඔවුන්ටද, යම් පමණකට හෝ බලාපොරොත්තු රහිත සුබ ප්‍රතිඵල ලැබෙන්නටද ඉඩ ඇති බව පෙනේ.

මෙසේ මෙම ජුනි 29 වැනිදා රාත්‍රි 12.38ට ශනි ග්‍රහයා වක්‍ර වීමෙන් පසු මෙම වසරේ නොවැම්බර් 15 වැනිදා රාත්‍රි 7.51 වන තෙක්ම තම වක්‍ර චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව, මෙම ජුනි 29 වැනිදාත් නොවැම්බර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ උත්පත්ති කේන්දර සටහන් තුළ ශනි ග්‍රහයා වක්‍රව ඇති සෑම කේන්දර හිමියකුටම පාහේ දැනට වඩා සුබ පල ලැබිය හැකි බව පෙනේ. මෙම ජුනි 29 වැනිදා ප.ව. 12.27ට බුධ ග්‍රහයා කටක රාශියට පිවිසීමට නියමිත අතර ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් දීර්ඝ ලෙස කතාබහ කිරීමට බලාපොරොත්තු වෙමු.

(මව්බිම)
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top