සැමියා හා අනියම් බිරිය රාගයෙන් වෙළෙන හැටි කැමරා කර, හිටපු පොලිස් බිරිය කප්පම් ඉල්ලලා..(Video)
Saturday, 22 June 2024 - 12:13 | Views - 506

ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ අඹු සැමි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අගතියට පත් කාන්තාව විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව, මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැමියා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු වන අතර, ඔහුගේ බිරිඳ ද විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරියක වන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, අවස්ථා කිහිපයකදීම එම කාන්තාව සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා.
එසේ ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති අතර, අදාළ වීඩියෝ දර්ශන පොලිස් කොස්තාපල්වරයාගේ නීත්‍යානූකූල බිරිඳ වන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය දැක තිබෙනවා.
ඉන් අනතුරුව විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය විසින්, අනියම් බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන ඒ සම්බන්ධව කතාකිරීමට අවශ්‍ය බව පවසා ඇයව හමුවීමට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය හමුවීමෙන් පසු විශ්‍රාමික පොලිස් කොස්තාපල් බිරිය එම වීඩියෝ ඇයට පෙන්වා , එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදෙන ලෙසත් පවසා තර්ජනය කළ බවයි පැමිණිලිකාර පාර්ශ්වය විසින් පොලිසියට පවසා ඇත්තේ.
ඒ අනුව, 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
Share This Article