උප්පැන්නේ නැතත් ජාතික හැඳුනුම්පත ගන්න , මේ මාසෙම පුළුවන්..
Saturday, 22 June 2024 - 9:17 | Views - 669
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන්, මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මකයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී සඳහන් කළේ, මේ මස( ජුනි ) 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී වැඩිදුරටත් පවසා සිටියේ, ප්රාදේශීය ලේකම්වරුන් එම කාලය දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කළ බවයි.
Share This Article