සිසුන් විස්සකට වැඩි පිරිසක් රෝහලට යැවූ , බස්රථ අනතුර.. (Photos)
Wednesday, 19 June 2024 - 15:54 | Views - 450
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක්, අද (19) රනාල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරට පත්ව ඇත්තේ, කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මෙම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා නවගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.




Share This Article