නවතම පරීක්ෂණයෙන් ,විදේශ විනිමය උපයා ගැනීමට සැරසෙන බුරු කිරි..
Wednesday, 19 June 2024 - 15:26 | Views - 225
කිරි ආශ්රිත නිශ්පාදන ලංකාවේ ගොඩක් මිල අධික බව ඔබ බොහෝ දෙනා දන්නා කරුණක්.. ඒත් මේ නිශ්පාදවලින් සැලකිය යුතු පෝෂණයක් ලැබෙනවාද..?ඒ ගැන තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නයක්.. කොහොම වුණත් පෝෂණ ගුණයෙන් බහුල බූරි කිරි ආශ්රිත නිශ්පාදන සඳහා ලංකාවේ මේ වන විට පර්යේෂණ පවත්වනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා...මේ පර්යේෂණ සඳහා මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ඇවිත් තිබෙනවා..බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මවු කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසනවා..පර්යේෂණ සාර්ථක වී නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු අවධාරණය කළා..
Share This Article