රාජකාරී නින්ද කැඩූවැයි කියා , කොස්තාපල්ට කට පුංචා පෙන්නලා..
Wednesday, 19 June 2024 - 13:29 | Views - 425

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහතුඩුව පොලිසිය සඳහන් කළේ , මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි අවුරුදු විසි තුනක කොස්තාපල්වරයෙක් බවයි.
අළුයම 5.40 ට පමණ කහතුඩුවට පොලිසියට පැමිණිල්ලක් කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර, එහිදී උප සේවක රාජකාරියේ කටයුතු කළ කොස්තාපල්වරයා රාජකාරී පුටුවේම නිදාගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කළේ.
ඔහුව අවදි කිරීම සඳහා අනෙක් නිලධාරියා අවස්ථා කීපයකදීම කතා කර ඇතත්, ඔහු අවදි නොවීම හේතුවෙන් පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් රාත්‍රී රාජකාරිය භාරව සිටි පොලිස් සැරයන්වරයෙකුටද දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුව දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවශ්‍යතාවක් සඳහා පොලිස් නිළ නිවාසයට ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී උප සේවක ලෙස රාජකාරී කළ කොස්තාපල්වරයා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද රැගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් එම නිලධාරියා දෙසට ගිනි අවිය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article