ජපාන වෛරසය මෙරටේ පැතිරෙයි ද ? සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්.. (Video)
Wednesday, 19 June 2024 - 12:10 | Views - 660
ශරීරයේ මාංශ පේශිවලට බලපෑම් කරන ජපානයේ පැතිර යන මාරාන්තික බැක්ටිරියාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම බැක්ටිරියාව පැතිර යාම නව තත්ත්වයක් නොවන බවයි.

ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම බැක්ටීරියාව ආසාදනය වූ 1,000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම වසර අවසානය වන විට එම සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇති බවයි ජපාන සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ

එස්.ටී.එස්.එස්. හෙවත් ස්ට්‍රපේටොකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් “මාංශ පේශි දියවීම“ සිදුවන බැවින්
“ මාංශ පේශි කා දමන“ බැක්ටීරියාව ලෙස එය හදුන්වනු ලබනවා.

මෙහි රෝග ලක්ෂණ වන්නේ උගුරේ තුවාල වීම්, අවයව ක්‍රියාකාරීත්වය අඩපණ වීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය සහ අතපය වේදනාවයි.

ආසාදිතයෙකුගේ ඍජු ස්පර්ෂයකින් මෙම බැක්ටීරියාව බෝවිය හැකියි.

කෙසේ වෙතත් මෙම බැක්ටීරියාව නව තත්වයක් නොවන බවත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශ යම් අවධානයකින් කටයුතු කළ යුතුව ඇති බවයි. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top