තවත් විනාශයක් අත ළඟ ? ජ්යෝතිර්වේදියෙකුගෙන් ප්‍රබල අනාවැකියක්...
Wednesday, 19 June 2024 - 10:59 | Views - 427
මේ කියන්න යන්නේ ලෝකයේම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන අනාවැකියක් ගැනයි.. තවත් ලෝක යුද්ධයක්..
ඔබට මේ ගැන හිතන්නවත් පුළුවන්ද..? "New Nostradamus" ලෙස නම් කර ඇති ඉන්දියානු ජ්‍යෝතිර්වේදියෙකු විසින් පවසා ඇත්තේ තව දිගු කලක් යාමට මත්තෙන්, තුන්වන ලෝක යුද්ධය ආරම්භ වීමට හැකියාව පවතින බවයි..
ඔහු මේ ගැන පැවසූ අනාවැකිය ගැන මේ වන විට ලෝකයේ බොහෝ දෙනා කතා බහ කරනවා..
The Daily Star පුවත්පත උපුටා දක්වමින්, එම ජ්‍යෝතිර්වේදියා පවසන්නේ, මෑතකදී ඊශ්‍රායලය සහ හමාස්, රුසියාව සහ නේටෝ, උතුරු සහ දකුණු කොරියාව සහ චීනය සහ තායිවානය අතර පවතින අමනාමපකම් වැඩිවීමත් සමග ඔහු මෙම අනාවැකි පළකර ඇති බවයි.. එමෙන්ම ඊයේ(18) දිනයේදී පැවති ප්‍රබල ග්‍රහ පිහිටීමක් මත මෙම තුන්වන ලෝක යුද්ධය පිලිබඳ අනාවැකිය ඔහු පවසා තිබුණා..
එමෙන්ම ජූනි 29 ද මෙවැනිම විශාල විනාශයක් ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ.. තවද , හින්දු සංස්කෘතිය මත පදනම් වූ වෛදික ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රයක් මත පදනම් වෙමින් ඔහු මේ බව පැවසූ බවයි, අදාල පුවත්පත වැඩිදුරටත් පවසා තිබුණේ...
Share This Article