මේක දුන්නේ අතුරු ආබාධ ගැන දැන දැනමද..? එන්නතක් ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව..
Wednesday, 19 June 2024 - 9:39 | Views - 544
කොවිඩ් වසංගතය උග්‍ර වීමත් සමඟ කඩිනමින් ඒ සමඟ සටන් කළ හැකි ප්‍රතිජීවක ඖෂධ ලෝකයේ බොහෝ රටවල්වලින් නිපදවීමට සමත් වුණා..

ඒ පර්‍යේෂණවල අවසානයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ප්‍රතිජීවක එන්නත් ලෝකය පුරා එන්නත්කරණය සඳහා යොදා ගත්තා.. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියෙන් කාලයක පස්සේ දැනගන්න ලැබෙන තවත් කතාවක් ගැනයි මේ කියන්න යන්නේ..

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, අමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වෙමින්..

‘ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙනයි. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා.. සමහරු මියගිහින්.. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා..

‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි. ජර්මන් සමාගම් දෙකක් ද ‘ෆයිසර්’ සමඟ අත්වැල් බැඳගෙන සිටියා.. ‘ෆයිසර්’ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරයි.. ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ වයිරසය පාලනය සඳහා ලොව රටවල් රැසක භාවිත කෙරුණු වඩාත් ආරක්ෂිත යැයි පැවැසුණු ප්‍රතිශක්තිකරණ එන්නත වූයේ මෙම ‘ෆයිසර්’ එන්නතයි..

මේ වනවිට, ඔකස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වී නිපදවා, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලබා දුන් බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ ‘ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී ඇති අතර, ඒ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීම් ඇති වෙනවා යැයි අධිකරණය හමුවේ තහවුරු වීමත් සමඟයි..

එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වීමට ද ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගත්තා..

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමින්... ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතයි.. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් අධිකරණය හමුවේ තහවුරු වී තිබෙනවා... ඇස්ට්‍රාසෙනකා සමාගම මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවයි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top