බද්ධ වූ පුංචි මල් කැකුළු දෙක රැකගන්න , මව්පියන් පිළිසරණ පතයි..(Video)
Wednesday, 19 June 2024 - 8:00 | Views - 282
උපතින්ම ඉණ ප්‍රදේශයෙන් බද්ධ වූ සිය දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමේ අභියෝගයට මුහුණ පා සිටින මව්පිය යුවළක් පිළිබඳව අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දැරියන් දෙදෙනාටම වකුගඩු දෙකක් පමණක් පිහිටා ඇති අතර, වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔවුන්ට වයස අවුරුදු 4ක් සපිරීමට පෙර සැත්කමක් මාර්ගයෙන් වකුගඩු දෙක වෙන් වෙන් වශයෙන් බද්ධ කළ යුතු බවටයි.
කෙසේ වෙතත් උපතේදීම එම සිඟිත්තියන් දෙදෙනා ඉණ ප්‍රදේශයෙන් බද්ධ වී තිබුණා.
එමෙන්ම, ඔවුන් දෙදෙනාටම වකුගඩු දෙකක් පමණක් පිහිටා තිබීම හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ ජීවිත ඇත්තේ අවදානමකයි.
ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් මේ සිඟිත්තියන් දෙදෙනාට අවුරුදු 4ක් සපිරීමට පෙර සැත්කමක් මාර්ගයෙන් වකුගඩු දෙක වෙන් වෙන් වශයෙන් බද්ධ කළ යුතු වනවා.
මේ දැරියන් දෙදෙනාට දැනට අවුරුදු 3ක් සම්පූර්ණ වී ඇතත් මේ වනතුරුම එම සැත්කම කිරීමට නොහැකි වී ඇත්තේ මව්පියන්ට පවතින දැඩි ආර්ථික අගහිඟකම් හේතුවෙන්.
මව්පියන් ඉල්ලා සිටින්නේ දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීම සඳහා තමන්ට පිළිසරණක් වන ලෙසයි.
Share This Article