දැනගන්න , හරියටම මෙහෙමයි බිල අඩුවෙන්නේ..
Tuesday, 18 June 2024 - 15:15 | Views - 404
මේ කියන්න යන්නේ විදුලි ගාස්තු සංශෝධනය ගැන ඇසෙන අලුත්ම කතාවයි..
මේ වසරේ යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ අවසන් තීරණය ලබන මස 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි...
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු විසින් අද(18) මේ බව ප්‍රකාශ කළා...
ඒ සම්බන්ධයෙන් ජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා ලබන ජූලි මස 8 වන දක්වා ලබා ගන්නා බවයි එම කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අනතුරුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීම ලබන මස 9 වනදා පැවැත්වෙනු ඇති.
ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර, ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
Share This Article