ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය වෙනස් වෙන්නේ මෙහෙමයි..
Tuesday, 18 June 2024 - 11:55 | Views - 460
පහේ ශිෂ්‍යත්වය.. ගොඩක් දෙනෙක් ඒ විභාගයේ නම ඇසුණාම කියන්නේ ඒක අම්මලාගේ විභාගය කියලා..

හරි හැටි නොතේරෙන වයසක විභාගයක බරක් මේ පොඩි දරුවන්ගේ හිස මත පටවන එක ඇත්තටම සාධාරණද..?

ළමයි සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්න ඕන වයසේ මේ විභාගයේ බර දරුවන්ට තේරුම් ගන්න එක ඇත්තටම අමාරු වැඩක්.. කාලෙන් කාලෙට මේ විභාගය ගැන කතා ගොඩක් ඇසෙනවා..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තව කතාවක්.. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කර තිබුණා..

නාත්තණ්ඩිය - ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට පසුගිය (16)දා එක්වෙමින් ඔහු කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි..

ඒ අනුව, සිසුන් හතර සහ පහ ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මඟින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 30%ක් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top