මාරාන්තික බැක්ටීරියාවක් , නැවතත් ලෝකයටම රතු එළියක් ? (Video)
Tuesday, 18 June 2024 - 11:35 | Views - 950
ලෝකයේ කාලයෙන් කාලයට විවිධ මාරාන්තික බැක්ටීරියා , වෛරස ආදී දේ ව්‍යාප්ත වීම සිදුවෙනවා..

මෑත කාලයේදීත් ආයෙමත් ඒ වගේ බියකින් ලෝකයම වෙලී ගිහින්.. 

මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.. ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි streptococcal toxic shock Syndrome නම් බැක්ටීරියාවක් ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා..

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම, අතපය වේදනාව , අඩු රුධිර පීඩනය බවයි සඳහන් වන්නේ...

වසරේ මේ දක්වා කාලය තුළ මෙම බැක්ටීරියාව ආසාදනය වූ 1,000කට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා වී ඇත්තේ..

ඒ අනුව, මෙම වසර අවසානය වන විට එම සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇති බව ජපාන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා..

මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වී තිබීමත් විශේෂත්වයක්..

මෙය දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත්විය හැකි බවද සඳහන් වෙනවා..  










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top