'' මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා.. බඩු මොකුත් නැති නිසා, බඩු ටිකත් අරන් යනවා"
Tuesday, 18 June 2024 - 10:32 | Views - 524
කාලයක් තනිකඩව සිටි ඔහුට හිටි හැටියේම ආදරයක් හිමි වෙලා..

ඉතින් ඒ ආදරය මොන තරම් දුර ගියාද කිව්වොත් අවසානයේ ඇය එක්ක ඉන්න තියන වුවමනාව නිසාම අපූරු ලිපියක් ලියා තබා ඔහු නිවසින් ගිහින්,

"තාත්තේ...මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මෙහේ තියෙන බඩු මම අරන් යනවා" යනුවෙන් ලිපියක් ලියා නිවසේ තිබූ බඩු බාහිරාදිය රැගෙන ගිය අයෙකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

තමා නිවසේ නොමැති අවස්ථාවක සිය නිවසේ තිබූ අල්මාරි, ඇඳ, පුටු ඇතුළු භාණ්ඩ සියල්ල අතුරුදන් වී ඇති බවට පුද්ගලයෙකු වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එහිදී එම නිවෙස පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබී ඉහත සඳහන් කළ ලිපිය හමු වී තිබෙනවා..

31 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ආයතනයක සේවය කළ අයෙක් වන අතර, සැකකරු අත්අඩංගුවට ගෙන සොරාගෙන ගොස් තිබූ ලක්ෂ 10කට අධික භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා..

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු විවාහකයෙකු බවත් පෙර විවාහයෙන් වෙන්ව තනිකඩව සිටි අයෙකු බවත් සඳහන්.

සොරාගත් භාණ්ඩවලින් කොටසක් රුපියල් 40,000ක මුදලකට විකුණා තිබියදී, පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරිකර අනෙකුත් භාණ්ඩ සියල්ල සැකකරු විසින් ලොරියක පටවාගෙන ගොස් තිබෙනවා..

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top