සුරාසැල් ජුලි 06 සිට ජුලි 22 දක්වා වැසෙයි
Friday, 14 June 2024 - 10:46 | Views - 989
කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා තැබීමට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්.
මෙම පෙරහැර ආරම්භ වන ජුලි 06 සිට ජුලි 22 දක්වා මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වන්නේ.
බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට නියමිත නිසාවෙන් , සුරාසැල් කොමසාරිස්වරයා ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව සඳහන්.
Share This Article