සැවොම පුදුම කරමින් , කොහොඹ ගසකින් ප්‍රනීත පානයක්..
Thursday, 13 June 2024 - 16:04 | Views - 476
කන්තලේ වාන් ඇළ ඩෝසර් පාරේ පිහිටි නිවෙසක ගෙවත්තේ ඇති කොහොඹ ගසකින් ඉකුත් 9 වැනිදා සිට කිරි වැනි දියර වර්ගයක් ගලා ඒමට පටන්ගෙන ඇති අතර, එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.
අජිත් ප්‍රේමසිරි නැමැති අයගේ ඉඩමෙහි ඇති කොහොඹ ගසකින් පැමිණෙන මෙම දියරය යම් මිහිරි රසයකින් යුක්ත අතර පැමිණෙන සියල්ලෝම “හරිම රසයි” කියා බීමට ද පටන්ගෙන තිබෙනවා.
නව නිවෙසක් ඉදිකිරීමට අත්තිවාරම කැපීම ආරම්භ කළ දිනයේ තමා විසින් අවට ඇති අතු රිකිලි කපා හෙළි පෙහෙළි කරන අවස්ථාවේ මෙම ගසෙන් සුදු පාට දියරයක් ගලා එනු දුටු බවත් මී පැණි වැනි සුවඳක් වහනය වන බැවින් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කටේ ගෑ විට මිහිරි රසයක් දැනුණ බවත් නිවසේ අයිතිකරු පවසනවා.
එසේම, මෙම සිදුවීම තමාගේ වාසනාවට හෝ අවාසනාවට සිදුවන්නක් දැයි තමාට ප්‍රශ්නයක් ඉතිරිව ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article