රට යන්න බලන් ඉන්න ඔයාටමයි , මෙන්න වීසා කොන්දේසි අලුත් වෙලා.. (Video)
Thursday, 13 June 2024 - 14:38 | Views - 311
ලබන ජූලි මස පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ, ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වාදුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වා දුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව, ලබන ජූලි මස පළමුවනදා සිට සංචාරක වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා වෙනුවෙන් මෙම නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ , පසුගිය වසරේ ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ මැයි මස අවසානය දක්වා සංචාරක වීසා හිමියන්ගෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් 36,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් ශිෂ්‍ය වීසා ඉල්ලුමට වැඩි වැඩියෙන් යොමුවීම බව ද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මීට අමතරව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි තාවකාලික උපාධි වීසා හිමියන්ටද ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වුණු වාර්තාවක සඳහන්කර තිබූ ගැටලුවක් විසඳීමට මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ තාවකාලික උපාධි වීසා බලපත්‍රලාභීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත පැමිණෙන අතර, බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම බවයි.

තාවකාලික උපාධි වීසා හිමියන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් ඔවුන්ගේ වීසා කාලය අවසන්වන විට ස්ථිර පදිංචිය සොයා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව ද හෙළි වී තිබෙනවා.

උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම සඳහා වැඩි වශයෙන් ලාභදායී වෘත්තීය පාඨමාලාවල වැඩිදුර අධ්‍යාපනයට නැවත පැමිණෙන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු රජය එම මාර්ගය අවහිර කරමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කරමින් සිටින අතර, උපාධිධාරීන් තම හැකියාවන්ට අදාළ රැකියා සොයා ස්ථීර පදිංචිකරුවන් විය යුතු බව අවධාරණය කර තිබෙනවා.

එසේ නැතහොත් තාවකාලික පදිංචිකරුවන් නොවී රට හැර යා යුතු බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top