පාර්ලිමේන්තු මන්ත්රී රියේ ගැටුණු තරුණයා ජීවිත තුනකට හුස්ම එකතු කර නොයෙන ගමන් යයි..
Wednesday, 12 June 2024 - 15:53 | Views - 568
පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසළ දී පාර්ලිමේන්තු මන්ත්රි නලීන් බණ්ඩාරට අයත් ජිප් රථයේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ තිහාරිය - කළගෙඩිහේන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙක්.
දැඩිසත්කාර ඒකකයේ දින 08ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.
ජීවිතක්ෂයට පත් වූ තරුණයා තම අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්රකාශ කර තිබීම හේතුවෙන් ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් පුද්ගලයින් තිදෙනෙකු සඳහා ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
Share This Article