සුදු පැහැති නම් ගන්න, රතු පැහැයෙන් යුක්ත නම් මේ අංකයට ඇමතුමක් දෙන්න..(Video)
Wednesday, 12 June 2024 - 11:07 | Views - 386
පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමඟ මේ දිනවල වෙළඳපොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
කෙසේ වෙතත්, ගංවතුර හා වෛරස් තත්ත්වයන් යටතේ මරණයට පත් වූ කුකුළන් වෙළෙඳපොළට පැමිණෙන බවට යි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.
එසේම, මස් පිණිස වෙළෙඳපොළට නිකුත් කර තිබෙන කුකුළු මස් සුදු පැහැයක් ගන්නා බවත්, එහෙත් ගංවතුර තත්ත්වය තුළ හා වෛරස් රෝගවලින් මරණයට පත්වන කුකුළන්ගේ මස් රතු පැහැයට හුරු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
තවද, එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමු කළයුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දුරකතනයට දැනුම්දෙන ලෙසටත් අධිකාරිය පවසනවා.
Share This Article