බිය නොවී වතුර බොන්න , ජල සම්පාදනයෙන් නිවේදනයක්..
Wednesday, 12 June 2024 - 10:21 | Views - 398
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් පසු කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසනවා.

එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. විජේසිංහ සඳහන් කළේ, ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි.

එසේම, ජලය පවිත්‍රකරණයෙන් පසුව නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරන බැවින් එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව ද ඔහු සඳහන් කර සිටියා.

තවද , ගංවතුර සමඟ කුමන ජලය පැමිණියත් අදාළ පිරිසිදු කිරීම් සිදු කර ප්‍රමිතියෙන් යුතු පානීය ජලය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් සපයන බැවින් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top