නොසිතූ ඉරණමකට මුහුණ දුන් තාරුකාගේ ජීවිතයේ අවසානය හෙළි වූ හැටි.. (Video)
Wednesday, 12 June 2024 - 10:10 | Views - 770
ඇයට සිදුවුණේ කුමක්ද..? ගොඩක් දෙනෙක් ඒ ගැන කතා බහ කළේ ඇත්තටම මෙය අභිරහස් මරණයක් නිසා කියලා කියන්න පුළුවන්.. 

කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් මේ වනවිට තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා... මෙලෙස අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගැනීමට ඒ අනුව ඔවුන්ට හැකි වුණා..

තාරුකා නදී කුමාරි නැමති 31 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති අතර, ඇය තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තැනැත්තියක් බවටයි වාර්තා වෙන්නේ.. මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබුණා..

එම බහින්බස්වීම් තීව්‍ර වී ඇත්තේ, මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසායි.. කොහොම වුණත්, ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින්බස්වීමක් හටගෙන ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ...

පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව 10දා රාත්‍රී යළි නිවසට පැමිණ තිබෙනවා.. එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක , දෙදෙනා බිය වී ඒ පිළිබදව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්‍ෂිත හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබුණා..

පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිති අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබුණ බවයි වාර්තා වෙන්නේ.. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top