මධුසමයට යන්න හොඳම රටවල් අතරින් , පස්වෙනි ස්ථානය මෙරටට.. (Video)
Tuesday, 11 June 2024 - 9:40 | Views - 445
මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් 20 අතරින් ශ්‍රී ලංකාවට 5 වැනි ස්ථානය හිමිව තිබෙනවා.
ඒ අනුව, එන්ජෝයි ට්‍රැවල් නම් ජාත්‍යන්තර වෙබ් අඩවියේ නිකුත් කළ නවතම වාර්තාවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.
මෙහිදී ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිවීමට හේතු සාධක වී ඇත්තේ, මීදුම් සහිත කඳු, විචිත්‍රවත් තේ වතු, අලංකාර වෙරළතීරයන් සහ වනාන්තර අත්දැකීම් බවයි සඳහන්.
මීට අමතරව, මෙරට ආකර්ශණීය ස්ථානයක් වන ගාල්ල නගරයද එම ශ්‍රේණිගත කිරීම් වලදී සැලකිල්ලට ගෙන ඇති බවයි සඳහන්.
Share This Article