ඔයාත් පැහැපත් වෙන්න හිතාගෙන මේ වගේ දේවල් කලාද ? එහෙනම් මෙන්න භයානක හෙළිදරව්වක්..(Video)
Tuesday, 11 June 2024 - 9:15 | Views - 459
අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න..

විශේෂයෙන් කාන්තා පාර්ශ්වය ඕනෑම කෙනෙක්ගෙන් තමන්ට ආකර්ශනය හිමිවෙනවා නම් ඒකට ගොඩක් කැමතියි..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශ්වයත් අද වෙනකොට සමේ පැහැපත්බව ගැන ගොඩක් සැලකිලිමත්.. ඒ නිසාම මේ අය හැමෝම බහුතරයක් රූපලාවන්‍ය නිශ්පාදන භාවිත කරනවා.. ඒවා ඇත්තටම නියම ප්‍රමිතියෙන් යුත් ඒවාද..?

මේ සඳහා නිසි අනුමැතියක් ලැබී තිබෙනවාද...? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

රූපලාවන්‍ය ආලේපන නියාමනය සිදුනොවීම බරපතල සුව ගැටලුවක් බවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා...

ලියාපදිංචි නොමැති ආයතන බොහෝ ප්‍රමාණයක් වෙළඳපොළේ පවතින බවත්, රසදිය වැනි පිළිකා කාරක බැර ලෝහවලට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් සම ආශ්‍රිත පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි එම සංගමය පවසන්නේ..

මේ පිළිබඳව අදහස් දක්වමින් චර්ම රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහටවිට පවසා සිටියේ මෙවැනි අදහසක්..

'' තැන් තැන්වල සුදු පැල්ලම් ඇතිවෙන එක, මුහුණ රතුවෙන එක, හමේ යට තියෙන රුධිර වාහිනී පැහැදිළිව පෙනෙන තත්ත්වයට පත්වීම, දිලීර ආසාදනම, කුරුලෑ මේ සියල්ල එන්නේ මේ විෂ සහිත ආලේපන නිසයි. ආලේපන ගැටලුවක් නිසා මගේ ළඟට ප්‍රතිකාරවලට ආපු වයස අඩුම කෙනා අවුරුදු 09ක ළමයෙක්. අවුරුදු 15ක දරුවෙක් මම දැක්කා ශරීරය පුරාම ඇදීම් සලකුණු, අවුරුදු 03ක් ආලේපන භාවිතා කරලා.'' 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top