2,500යේ දීමනාව 5,000 දක්වා ඉහළට..
Monday, 10 June 2024 - 11:54 | Views - 878
පෙර පාසැල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500ක දීමනාව, රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.
පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සඳහන් වන්නේ.
එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි, මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර, මේ වනවිට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් ලෙස 34,000ක පමණ පිරිසක් කටයුතු කරනු ලබනවා.
Share This Article