මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් කාන්තාවකට අතක් අහිමිව යයි... (Video)
Monday, 10 June 2024 - 11:35 | Views - 765
ශ්‍රී ලාංකික කාන්තාවකට ඔස්ට්‍රේලියාවේ දී Buruli ulcer නම් මාරන්තික බැක්ටීරියාවක් ආසාදනය වීමෙන්, ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කර තිබෙනවා.විදෙස් මාධ්‍ය පවසන්නේ, ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වීමෙන් අත පණ නැති වී ඇති අතර, එම නිසා මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි.එහි රෝග ලක්ෂණ වන්නේ, අතේ පැවති අධික වේදනාව, අත ඉදිමීම හා තරමක් නිල් පැහැති වීමයි.මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම, එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බවයි සඳහන්. කෙසේ වෙතත්, මෙම කාන්තාව ඉකුත් ජනවාරි මාසයේ දියණියගේ සුවදුක් බැලීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.


Share This Article