ඇත්තටම එදා වෙලා තියෙන්නේ මේකලු.. කුකුල් චමින්ද ගැන වෙනස්ම කතාවක් එළියට.. (Video)
Monday, 10 June 2024 - 10:52 | Views - 1,886
බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත් "කුකුළ් චමින්ද" නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිටි අතර, ඔහු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ මෙම සැකකරුට බන්ධනාගාරය තුළදී නේවාසිකයින් පිරිසක් පහර දුන් බවට වාර්තා පළවී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්ථාවක් කැඳවු අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකයින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව වාර්ථා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක සදහන් කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයනේ ජේලර්වරයෙකු මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර පහරදීමට ලක් වූ දරුවාගේ වීඩියෝ සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ළමා ආරක්ෂණ සන්ධානය විසින්.

ධනපාල මහතා ඇතුලු සෙසු නිලධාරින් 2022/02/14 දින පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 'අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු සාමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට' අදාළ RTM 382, CRTM 231 නියෝග උල්ලංගනය කර ඇති බව එහි සඳහන්.

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාව වීඩියෝ කර ජ්‍යෙෂ්ඨ පොලිස්පති, ටී.සී.ඒ ධනපාල සිය පෞද්ගලික Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය කර ඇති බව සදහන්

එමෙන්ම දරුවා‌ගේ මුහුණ නිරාවණය කරමින් දරුවා වඩාගෙන සිටින නිලධාරියා සහ රූගත කරන නිලධාරියා 'දරුවාගේ යහපත උදෙසා' ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්මය උල්ලංගනය කර ඇති බවයි, ළමා ආරක්ෂණ සන්ධානය පෙන්වා දෙනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top