''රවී - සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්..(Photos)
Thursday, 06 June 2024 - 16:02 | Views - 298
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී - සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණා.

1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් වුණා.

දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෛලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.

සිනමා විචාරක ගාමිණී වේරගොඩ සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවින්ද්‍ර රන්දෙණිය විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

රවින්ද්‍ර රන්දෙණිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.

දේශපාලන වශයෙන් රවින්ද්‍ර රන්දෙණිය තමා සමඟ සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

''මම පළමු වරට රවින්ද්‍ර දුටුවේ 1975 කළුදිය දහර චිත්‍රපටය තුළින්. මම එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස කැළණියට පැමිණියේද එම වර්ෂයේදීයි. එහිදී මට දළුගම සිටින රවින්ද්‍රගේ පවුලේ අයව හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන් නිරතුරුව අප පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් කටයතු කරමින් සිටියා. ඒ අනුව ඔහු සමඟ මා දේශපාලන වැඩ කටයුතු කළා.

ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ මෙරට චිත්‍රපට කලාවේ විශාල දියුණුවක් ඇති වුණා. රවින්ද්‍ර රන්දෙණිය මහතාත් ඒ සමඟ ඉදිරියට පැමිණෙන අයුරු අප දුටුවා. ඔහු එම සමයේ ප්‍රධාන චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ සමඟම දේශපාලනයට ද එක් වුණා. මගේ දේශපාලන කටයුතුවලට එතුමාගේ නොමද සහායක් හිමි වූ අතර අවසානයේ මාගේ ඉල්ලීම මත එතුමා 2001 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා.
නමුත් එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය සඳහා නොවෙයි, කලා ක්ෂේත්‍රය සඳහායි. එතුමා දක්ෂ රංගධරයෙක්. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට තවත් ක්ෂේත්‍ර ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළයුතුයි. '' 

No description available.

No description available.
No description available.
No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top