අසල්වැසි පවුලම බේරාගත්, හංවැල්ලේ වීර දියණියට හිරුගෙන් තෑගි..(Update & Videos)
Thursday, 06 June 2024 - 11:24 | Views - 582

UPDATE........ Thursday, 06 June 2024 - 19:55 

ගංවතුරට මැදිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පවුලක් මුදාගත් 17 හැවිරිදි කුඩා දැරියකගේ නිර්භීත උත්සහයක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා.


තම දිවිය පවා දෙවැනි කොට සලකමින් ජීවිත හතරක් බේරා ගැනීමට කටයුතු කළ එම දැරියගේ සත් ක්‍රියාව අගයමින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ත්‍යාගයක් අද ලබා දුන්නා.

හංවැල්ල - වග ඉරිදා පොළ ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ඩික්සන් මධුරංග සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටියා.

ඉහළ යන ගංවතුර හමුවේ මධුරංග සිය බිරිඳ, දියණිය සහ පුත්‍රයා නිවසින් පිටතට ගෙන යාමට පියවර ගත්තත් එය එතරම් පහසු නොවුණේ නිවස අඩි 4ක් පමණ ගංවතුරින් යටව තිබූ නිසාවෙන්.

එම නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ජීවත්වූ චරිත්මා ජිනේන්ද්‍රි සිය අසල්වැසියන් පත්ව සිටි අවදානම දැනගත් මොහොතේම වහා ක්‍රියාත්මක වුණා.

ඒ අනුව තම නිවස ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස පිහිටි මධුරංගගේ නිවස වෙත ඇය පිහිනා ගියේ සිය ජීවිත අවදානම පවා නොතකමින්.

ඒ වන විටත් ජීවිත අවදානමකට මුහුණ දෙමින් සිටි මධුරංග සහ ඔහුගේ බිරිඳත් දරුවන් දෙදෙනාවත් ආරක්ෂිතව බේරා ගැනීමට චරිත්මා සමත් වුණා.

කෙසේ වෙතත් ජල රකුසා චරිත්මාට ද සැහැසි වී තිබුණේ ඇය සතුව තිබූ සියලු‍ පොත්පත්, සහතික පත් සියල්ලද ඇයට අහිමි කරමින්.

සිය දිවිය ගැන පවා නොතකා මිනිස් ජීවිත 4ක වටිනාකම වෙනුවෙන් කැප වූ චරිත්මාගේ මේ ආදර්ශමත් වීර ක්‍රියාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති රට හමුවේ වාර්තා කළේ වත්මන් සමාජය තුළ එවැනි සත් ක්‍රියාවන්ට නිසි ඇගයීමක් හිමි විය යුතු බැවිනුයි.

ඉන් නොනැවතී චරිත්මා ජිනේන්ද්‍රි වෙනුවෙන් තවත් වටිනාකමක් එක් කරන්නට ද හිරු මාධ්‍ය ජාලය කටයුතු කළා.

ඒ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඇය ලබාදුන් ආදර්ශය හේතුවෙන්.

කුඩා දැරියක වුවත් මහා වගකීමක් නොබියව ඉටු කළ චරිත්මා අද හිරු මාධ්‍ය ජාලයට කැඳවීමට හිරු මාධ්‍ය ජාලය කටයුතු කළේ වගකිවයුතු මාධ්‍යයක සමාජ මෙහෙවර පරමාදර්ශීව ඉටු කරමින්.

චරිත්මාව ඇගයීමට ලක් කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ත්‍යාගයක්ද ලබා දීමට කටයුතු කළේ ඇගේ නිර්භීත ක්‍රියාවට තවත් වටිනාකමක් සහ අරුතක් එක් කරමින්.

සිය සත් ක්‍රියාව වෙනුවෙන් ලැබූ අනපේක්ෂිත ඇගයුම පිළිබඳව මෙන්ම තමන් එදින ලැබූ අත්දැකීමේ තොරතුරුද චරිත්මා ජිනේන්ද්‍රි අප සමග පැවසුවා.

සිය ජීවිතයට වඩා අන් අයගේ ජීවිත යහපත පිළිබඳ සිතන්නට චරිත්මාට ශක්තියක් වුණු ඇගේ මව්පියන්ද සිය දියණිය පිළිබඳව අදහස් පළ කළේ නිහතමානී ආඩම්බරයකින්.



-------------------------------------------------------------------------------

හංවැල්ල වග ඉරිදා පොළ ප්‍රදේශයටද මෙවර දැඩි ගංවතුර තත්ත්වයක් හදිසියේ හටගත්තේ වසර ගණනාවකට පසුවයි.

එම ගංවතුරට හසුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පවුලක් මුදාගත් 17 හැවිරිදි කුඩා දැරියකගේ නිර්භීත උත්සහයක් පිළිබඳව අපට වාර්තාවුණා.

ඇය පසුගිය ඉරිදා රාත්‍රියේ පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට කටයුතු කළේ තම දිවිය පවා දෙවැනි කොට සලකමින්.

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශ දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් අතර හංවැල්ල වග ඉරිදා පොළ ප්‍ර දේශයේ ජනතාවත් මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

එම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ඩික්සන් මධුරංගද සිය පවුලේ සාමාජිකයින් සමග එම අත්දැකීමට මුහුණ දුන්නේ අනපේක්ෂිත අයුරින්.

ගංවතුර වේගයෙන් ඉහළ යද්දී මධුරංග සිය දියණිය සහ පුත්‍රයා නිවසින් පිටතට ගෙන යාමට පියවර ගත්තත් එය පහසු වුණේ නැහැ.

ඒ නිවස වටා ප්‍රදේශය අඩි 4ක් පමණ ගංවතුරින් යටව තිබූ නිසාවෙන්.

ඒ අනුව මධුරංග සිය දරුවන් දෙදෙනා ද රැගෙන නිවසින් පිටතට පිහිනා ගොස් දරුවන් දෙදෙනා සුරක්ෂිතව තබා නැවතත් සිය නිවස තුළට පිහිනා යන්නේ සිය බිරිඳ පිටතට රැගෙන ඒම සඳහායි.

නිවසින් පිටත සිටි ඔවුන්ගේ දරුවන් ද උදව් ඉල්ලා කෑගසා ඇති අතර එම නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ජීවත්වන චරිත්මා සහ ඇගේ පවුලේ උදවියට එම ශබ්දය ඇසී තිබුණා.

වහාම ක්‍රියාත්මක වූ චරිත්මා අඩි 6ක් පමණ යටව තිබූ එම නිවස දෙසට පිහිනා ගියේ තම ජීවිතය ගැන පවා නොතකමින්.

මධුරංග සහ බිරිඳත් කුඩා දරු දෙදෙනාත් චරිත්මාගේ ඇස ගැටෙන්නේ ඒ අනුවයි.

වහාම නිවස අසළට පිහිනා ගිය චරිත්මා අසළ තිබූ බටයක් උළුවස්සේ එල්ලී සිටින මධුරංග සහ ඇගේ බිරිඳ දෙසට දිගු කළද හම උත්සහය සාර්ථක වූයේ නැහැ.

අනතුරුව ඇය නිවස අසළ තාප්පය මත සිටි මධුරංග ගේ දරුවන් දෙදෙනාවද ආරක්ෂිතව මව්පියන් සිටි ස්ථානය වෙත රැගෙන යාමටද කටුයුතු කළා.

තවමත් 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි පානදුර සිරි පියරතන විද්‍යලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඇගේ මව සහ පියා කොළඹ රැකියා කටයුතු වල නිරත වන බැවින් ඇය දිවි ගෙවන්නේ ආච්චි, සීයා සහ සහෝදරයා සමඟයි.

සිය දිවිය ගැන පවා නොතකා මිනිස් ජීවිත 4ක වටිනාකම වෙනුවෙන් කැපවුනත් චරිත්මාට ද ගංවතුර සැහැසි වී තිබුණේ ඇය සතුව තිබූ සියලු පොත්පත්, සහතික පත් සියල්ල ඇයට අහිමි කරමින්.

එ සියළු අහිමි විම් මැද පවා පුංචි චරිත්මා සිනාමුසු මුහුණින් මෙලෙස පසු වන්නේ අහිමි වූ සියල්ලට වඩා තමන් මැදිහත් වී බේරාගත් ජීවිතවල වටිනාකම පිළිබඳව වටිනා පණිවුඩයක් ලබාදෙමින්. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top