ජේතවනාරාමේ අකුණු සන්නායක සිද්ධියට අත්අඩංගුවට ගත්තේ සුපර් ස්ටාර් මංජුල පුෂ්පකුමාරමයි
Wednesday, 05 June 2024 - 14:23 | Views - 602
ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බව තහවුරු වී තිබෙනවා.

සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි උඩමළුව පොලිසිය හිරු නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර අද පෙරවරුවේ හිරු නිවුස් වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ අතර අනතුරුව ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශ කළේ, තමා එවන් සිදුවීමකට සම්බන්ධ නැති බවත් තමා සිය නිවෙසේ සිටින බවයි.

කෙසේ නමුත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත්, අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණේත් සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි තරගයේ අවසන් වටයට තේරී පත් වූ මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්පකුමාර ම බව තහවුරු වී තිබෙනවා. 

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top