සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝවේ සිටි කුකුල් චමින්දට අත්වූ ඉරණම සහ ඉදිරි තීරණය මෙන්න..(Video)
Wednesday, 05 June 2024 - 13:12 | Views - 506
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ දරුවාව වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වනවිට මුලතිව් රෝහල වෙත රැගෙන යමින් සිටින බව පොලිසිය සඳහන් කළා.

මෙම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂණය කිරීමෙන් අනතුරව ඉදිරි පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

අද (05) අලුයම වැලිඔය පොලිසිය විසින්, මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔවුන් සමග සිටි මෙම සිදුවීමට සම්බන්ධ සිව් හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි අයෙක් බවත්, ඔහු සමග සිටිමින් අත්අඩංගුවට පත්වූ සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වියෙහි පසුවන බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් තිදෙනාම අද අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතයි. 







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top