මේ වළාවක්ද.. ? රකුසෙක්ද..? වාහනත් ඔසවාගෙන ගිය අද්භූත වළාවක් .. (Video)
Wednesday, 05 June 2024 - 12:45 | Views - 328
ඉකුත් දා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර ආසන්නයේ දී රියදුරෙකු විසින් ' සුළි සුළඟකට සමාන විශාල අඳුරු වලාකුළක් ' රූ ගත කර තිබුණා...
ට්‍රෙවර් ෆ්‍රීමන්ටල් නැමැති එම රියදුරු තමා දුටු එම ආගන්තුක සිදුවීම පිළිබඳව මෙසේ විස්තර කළා.
"මම වාහනය පදවමින් සිටින අතරවාරයේ බටහිර දෙසින් මුහුද දෙසට ගමන් කරන දැවැන්ත කළු වලාකුළක් මම දුටුවා.. එය සුළි කුණාටුවකට සමානයි.. එහි විශාල සුන්බුන් ප්‍රමාණයක් රැඳී සිටින බවත් මම දුටුවා.. ඒක ඇත්තට ම චිත්‍රපටයක් වගෙ..."
ඒ වළාකුලුවල පාට වීඩියෝවේ පෙනෙන්නට තිබුණාට වඩා බෙහෙවින් ම අඳුරුයි.. ඒ වළාකුලේ රැඳී සුන්බුන් අතර වාහන ද තිබුණා...
ඉතින්.. ටොනාඩෝ කියන්නෙ දකුණු අප්‍රිකාවේ ඉතා දුර්ලභ සිදුවීමක්..
Share This Article